මේ දවස් වල යන ගොඩක් ප්‍රසිද්ධ කතාවක් තමා One Punch Man කියන්නේ. ඉතින් මේ කතාව ලියන්නේ ONE කියලා කෙනෙක්. ඔයා දන්නවා ද මේ Mob Psycho 100 කියන්නෙත් එයාගේ ම කතාවක් කියලා. මේකෙත් Saitama වගේම කෙනෙක් ඉන්නවා. හැබැයි මේකේ ලොකු වෙනසක් තියෙනවා, ඒ ගැන කියන්න කලින් අපි කතාව ගැන පොඩ්ඩක් බලමු. Source – Mob Psycho 100 Episodes – 12 (Season 1) 12 (Season 2) 13 (Season 13) Release Date – 2016 July 11 Studio – Bones Genres – Action, Comedy, Supernatural, Drama, Psychological MAL Score – 8.49මේ කතාව යන්නේ Shigeo Kageyama නැත්නම් Mob කියන පාසල් යන කොල්ලෙක් ප්‍රධාන චරිතය කරගෙන.
ඉතින් මේ Mob කියන්නේ අහිංසක බියගුළු පෙනුමක් තියෙන කෙනෙක්. හැබැයි ඇත්තටම මෙයා තරම් බලවත් Psychic කෙනෙක් මේ ලෝකේ නෑ. දැන් කට්ටිය කියයි හපෝ මේක One Punch Man වගේමද කියලා. අපෝ නෑ මේක ඊට වඩා වෙනස් දෙයක්, ඒ වෙනස මොකක්ද කියලා මන් වෙන දවසක කියන්නම්,මොකද මේක ම කිව්වොත් කතාව spoil වෙනවා ඔයාලා ට, ඒ වගේම ඔයාලට ම මේක තේරුම් ගන්න පුලුවන්නම් තමා හොඳ.ඉතින් මේ Mob කොච්චර බලවත් වුණත් මෙයාට ඕනේ සාමාන්‍ය කෙනෙක් විදියට ජීවිතේට මුහුණ දෙන්න. මොකද මේ අසාමාන්‍ය බලයත් එක්ක මෙයාගෙ ගොඩක් හැගීම් එහෙම යටපත් කරගෙන ඉන්න Mob ට සිද්ධ වෙනවා. මොකද එයාගේ emotion අනුව, එයාගේ power output එක එහේ මෙහෙ වෙනවා. මේක කතාව පුරාවට 100% ගණන් වලින් පෙන්වනවා ඔයාලට බලාගන්න පුළුවන්.
ඉතින් මේ කතාව ගැන කියද්දී නොකියාම ඉන්න බැරි තව කෙනෙක් තමා Reigen කියන්නේ. මෙය ඇවිල්ලා Mob ගේ ගුරුවරයා වගේ ඉන්න කෙනා. ඉතින් ඔයාල හිතනවා අතින් මෙය කොච්චර බලවත් ඇති ද කියලා නේ , ඒක surprise එකක්, ඔයාලට කතාව බලලම තමා එක හොයන්න වෙන්නේ. ඉතින් මේ Reigen තමා Mob ට ගොඩක් වෙලාවට උපදෙස් දෙන්නේ. ඉතින් Mob ගේ කතාව බලනවා නම් ඔයාලා දේවල් දෙකකට ලෑස්ති වෙන්න ඕනේ. එකක් තමා, මේ anime එකේ තියෙන්නෙ එකටම unique art style එකක්, ඉතින් ඔයාල හැමෝටම ඒ animation සෙට් වෙන එකක් නෑ (හැබැයි දැනට ඇවිත් තියෙන හොදම animation scenes තියෙන anime එකක් මේක හොදේ). ඊළග එක තමා මේ කතාව Fighting anime එකක් නෙමේ, ඔව්, මන් දන්නවා මේකේ සුපිරි fights එහෙම තියෙනවා, ඒ වුනාට ඊට වඩා දෙයක් ගැන මේකේ කතාවෙන් කියනවා. ඒ නිසා අවධානයෙන් බලන්න.ඔයා මෙතනට වෙනකම් අකුරක් නෑර කියෙව්ව නම්, ඔයා අනිවරෙන් ම කතාවට අවධානය දෙයි කියලා මං දන්නවා. ඉතින් නිවාඩු දවසක් බලලා, එක දිගට මේ කතාව ඔයාට රස විදින්න ලැබේවා කියලා පතන ගමන් මන් recommendation එක නවත්තනව.
ඉතින් මේ වගේ Anime ගැන විස්තර දැනගන්න අපේ Page එකේ like කරලා follow කරලා එකතුවෙන්න අපි එක්ක.
Follow and Like

Written by
Mazk Boy
I’m a Hero/Villain


