කාලේකට පස්සේ Anime Recommendations එකක් අරගෙන ආවා කට්ටියට. ඉතින් කාලේකට පස්සේ දෙන recommendation එකක් නිසා, masterpiece එකක් කියලා කියන්න පුළුවන් කතාවක් අරගෙන ආවේ. මේක ටිකක් විතර දිග series එකක්, ඒත් ඉතින් පළවෙනි episode එකේ ඉදන්ම ඔයා මේකට පිස්සු වැටෙනවා. ඉතින් මේ කතාවේ විස්තර කිව්වොත්, Source – Hunter x Hunter (2011) Episodes – 148 Release Date – 2011 October 2 Studio – Madhouse Genres – Action, Adventure, Fantasy MAL Score – 9.03අපි පොඩ්ඩක් බලමු මේ කතාව සහ එකේ ඉන්න චරිත ගැන. Gon තමා කතාවේ ප්රධාන චරිතය, නම ටිකක් ගොන් වගේ උනාට Gon කියන්නේ සුපිරි වැඩ කාරයෙක්.
ඉතින් මෙයා පොඩි කාලේ ඉදලම එයාගේ නැන්දා එක්ක තමා ජීවත් වෙන්නේ, ඒ වගේම එයාගේ තාත්තාව Gon ජීවිතේට දැකලා නෑ. එයා තාත්තා ගැන දන්න එකම දේවල් දෙක තමා, තාත්තාගේ නම Ging සහ එයා Hunter කෙනෙක් කියලා. හැබැයි මේ Hunter කියන්නේ අපි දන්න දඩයක්කාරයෝ නෙමේ. මේ Hunter කෙනෙක් කියන්නේ, Hunter Association එකෙන් hunter license එකක් ලැබුනා කෙනෙක්ට. මේ Hunter License තියෙන කෙනෙක් ට ගොඩාක් වරප්රසාද ලැබෙනවා. කැමැති රටකට යන්න, නීතියෙන් වැළකී ඉන්න, ඕනම තොරතුරක් දැනගන්න වගේ ගොඩක් දේවල් මේකට අයිති. හැබැයි ඉතින් මේ එක දේයක්වත් 100% ම ලැබෙන්නෙත් නැ, ඒ ලැබෙන්නේ නැති දේවල් ගැන කතාව බලද්දී ඔයාලට දැනගන්න පුළුවන්.ඉතින් Gon එයාගේ තාත්තාව හොයාගන්න අරමුණින්, තාත්තා වගේම Hunter කෙනෙක් වෙන්න එයාට වුවමනා වෙනවා.ඉතින් හෙන ගේමක් දීලා Hunter කෙනෙක් වෙන්න Gon යනවා. ආවට ගියාට Hunter කෙනෙක් වෙන්න බෑ, එකට Hunter Exam කියාල එකකට මුහුණ දෙන්න ඕනේ. ඉතින් මෙකේදි සලකියු යුතු පිරිසකට ජීවිතය පවා අහිමි වෙනවා, ඒ තරම් මේ විභාගේ අමාරුයි (හැබැයි ඉතින් A/L ත් මේ වගේ තමා ).
ඉතින් මේ විභාගේ දි මෙයට යාළුවෝ ටිකකුත් හම්බෙනවා, එතනින් Killua කියන්නේ එයාගේ හොදම යාළුවා වෙන කෙනා. මෙයත් Gon ගේ වයසේම යි, එත් ටිකක් ගුප්ත අභිරහස් කෙනෙක්. ඒ වුණාට කතාව යද්දී , ඒ ඔක්කොම හිමීට විසදෙන්න ගනීවි. ඉතින් ඔය විදියට තමා මේ කතාව පටන්ගන්නේ.මේක masterpiece එකක් වෙන්නේ කතාව සහ චරිත නිසාම විතරක් නෙමේ, මේ Hunter x Hunter කතාවෙන් shounen anime වලට ගොඩක් දේවල් එකතු වුණා, මේ කතාවේ දැනට මේ ලෝකේ තියෙන හොදම Power System වලින් එකක් බිහිවෙනවා, ඒ තමා Nen කියන්නේ. ඒ වගේම මේ කතාවේ තියන arc බොහොමයක් අතිශය ප්රසිද්ධයි. දැනට ලෝකයේ ආපු හොදම anime arc එක ලෙස හඳුන්වන්න arc අතර වැඩියෙන්ම ඇහෙන නමත් මේ anime එකේ Chimera Ant Arc එක. කතාව, චරිත ගොඩ නගන විදිය, ඒ වගේම නිරන්තරයෙන් බලන කෙනාව කම්මැලි නැතුව තියාගන්න හැකියාව මේ කතාවට තියෙනවා. කියන්න බැරි වුණා දෙයක් තියෙනවා, ඒ තමා මේ කතාව 90s වල ආපු version එකකුත් තියෙනවා, ඒත් මං පෞද්ගලිකව recommend කරන්නේ, පස්සේ ආපු remake එක නරඹන්න කියලයි.
ඉතින් මේ වගේ Anime ගැන විස්තර දැනගන්න අපේ Page එකේ like කරලා follow කරලා එකතුවෙන්න අපි එක්ක.
Follow and Like
Anime SL | #AKSL #AnimeSL #HunterxHunter

Written by
Mazk Boy
I’m a Hero/Villain


