අද අපි අරගෙන ආවේ පොඩිම පොඩි manhwa එකක්. ගොඩක් වෙලාවට අපි මේ කතා කියවන්නේ අපේ සාමාන්‍ය ජීවිතේ තියෙන ප්‍රශ්න වලින් ටිකකට හරි ඈත් වෙලා විනෝදයක් ලබන්නනේ. හැබැයි මේ කතාවනම් එහෙම හිතාගෙන කියවන්න එපා. මොකද මේක අපේ හදවතටම කතා කරන, ජීවිතේ වගේම මේ ලෝකයේ යථාර්ථය සහ මිනිස්සුන්ගේ තියෙන අඳුරුම පැති ගැන හිතන්න අපිව යොමු කරන කතාවක්. මේ දවස් වල ලෝකය පුරාම යුද්ධ තියෙන කොට, යුද්ධයට කිසිම සම්බන්ධයක් නැතුව ඒත් එක එක පැති වලට බෙදිල මරාගන්න අයට කියවන්න ම දෙන්න ඕන කතාවක් මේක.
Name - The Horizon (수평선)
Chapters - 21 (3 Volumes - Completed)
Author - JH (Jung Ji-Hoon)
Genres - Drama, Psychological, Tragedy, Post-Apocalyptic, Seinen
MAL Score - 8.73
මේක සාමාන්‍ය කතාවක් නෙමෙයි, මේක Post-Apocalyptic ලෝකයක, තේරෙන සිංහලෙන් කිව්වොත් ලොකු යුද්ධයක් නිසා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිය ලෝකයක සිද්ධ වෙන කතාවක්. මේ කතාවේ ප්‍රධාන චරිත දෙකට නම් නැහැ, වැඩිය දෙබස් නැහැ. ඒ චරිත දෙක හඳුන්වන්නේ "පිරිමි ළමයා" (The Boy) සහ "ගැහැණු ළමයා" (The Girl) විදියට විතරයි. යුද්ධය නිසා තමන්ගේ අම්මාව අමානුෂික විදියට අහිමි වෙනව මේ පිරිමි ළමයාට, ඊට පස්සේ කිසිම අරමුණක් නැතුව ඉබාගාතේ ඇවිදගෙන යද්දී එයාට හම්බවෙනවා එයා වගේම පවුල අහිමි වුණු එයාගේ වයසේම වගේ පෙන ගැහැණු ළමයෙක්ව. ඉතින් හැමදේම නැතිවුණ මේ අහිංසක ළමයි දෙන්නා එකතු වෙලා යුද්ධයෙන් විනාශ වෙච්ච ලෝකේ දිගේ, කිසිම අගක් මුලක් තේරුමක් නැති පාලු පාරක "ක්ෂිතිජය" (The Horizon) හොයාගෙන යන ගමන තමයි මේ කතාවෙන් කියවෙන්නේ.
ඉතින් මේ ළමයි දෙන්නා මේ යන ගමනේදී එයාලට විවිධාකර මිනිස්සු මුණගැහෙනවා. සමාජය, ශිෂ්ටාචාරය කියන දේවල් සම්පූර්ණයෙන්ම කඩාවැවුනාට පස්සේ මිනිසා කියන සතාගේ නියම ගතිය කොච්චර එලියට එනවද, කොයි තරම් මෘග වෙනවද, දුෂ්ට වෙනවද, තමන්ගේ වාසිය වෙනුවෙන් කොයි තරම් පහත් තත්වෙකට වැටෙනවද කියන එක මේ මුණගැහෙන චරිත එක්ක හරි අපූරුවට පෙන්වලා දෙනවා. සම්පූර්ණයෙන්ම පිස්සු වැටුණු මිනිස්සු, ආත්මාර්ථකාමීත්වය උපරිමයට ගිය අය වගේම, ජීවිතේ ගැන කිසිම බලාපොරොත්තුවක් නැතුව ඉන්න අය මේ ළමයි දෙන්නට හම්බවෙනවා. ඒ හැම දෙයක්ම මැද්දේ මේ ළමයි දෙන්නා එයාලගේ හිතේ තියෙන අහිංසකකම, දෙන්නට දෙන්න ගැන තියෙන සෙනහසත් එක්ක, ජිවිත බේරගෙන ඉස්සරහට යන්න දරන උත්සාහය දකින කොට අපිට අපි ගැන ආයෙම හිතෙන්න ගන්නනවා, මේ ලෝකේ මේ මොහොතේ වෙන දේවල් ගැන වෙනස්ම කෝණයකින් පෙන්න ගන්නව.
අතිශය ජනප්‍රිය "The Boxer" කියන Manhwa එක නිර්මාණය කරපු JH ගේ තවත් විශිෂ්ටතම නිර්මාණයක් වෙන මේ The Horizon හි Art style එක ගැනත් මෙතන කියන්න ඕනේ. සාමාන්යෙන් අපි දකින manhwa වලට වඩා ලොකු වෙනසක් මෙතන තියෙනවා. සම්පූර්ණ කතාවම වගේ නිර්මාණය කරලා තියෙන්නේ කළු සහ සුදු නැත්නම් Monochrome වර්ණ වලින්. ඒකෙන් මේ විනාශ වෙච්ච ලෝකේ තියෙන හිස්බව, තනිකම, අවලස්සන බව, පාළුව වගේම මානසික පීඩනය නිරූපණය කරනවා. හැබැයි කතුවරයා අවශ්‍යම තැන් වලදී විතරක් ඉතාම සියුම් විදියට කහ සහ නිල් වගේ පාටත් පාවිච්චි කරලා තියෙනවා, ඒකෙන් කතාවේ උලුප්පල පෙන්වන්න ඕන තැන් වල හැඟීම්බර තැන් වල අපේ feelings තවත් වැඩි කරනවා. ගොඩක් වෙලාවට මේ කතාවේ දෙබස් අඩුයි, ඒ වෙනුවට කොල්ලගෙයි කෙල්ලෙගෙයි සිතුවිලි තමා ගොඩක්ම තියෙන්නේ, හැබැයි ඒ වගේම මේකේ visually පෙන්වන දේ වචන දාහකට වඩා ප්‍රබලයි.
Chapter 21 කින් ඉවර වෙන පොඩි කතාවක් වුණත්, මේක කියවන්න කලින් පොඩ්ඩක් හිතන්න කියල warning එකක් දෙන්න වෙනවා. මොකද මේ කතාව ඇතුලේ යුද්ධයේ තියෙන අඳුරුම පැති, මරණය, මානසික කම්පනය වෙන දේවල් වගේ අතිශය සංවේදී වෙන Psychological පැත්තට බර මාතෘකා ගොඩක් සාකච්ඡා කරනවා. Genre එකෙම Tragedy කියල තියෙන කතාවක් මේක හොදේ. කතාවක් විදියට ජීවිතයේ තියෙන අස්ථිර බව ගැන ගැඹුරින් හිතන්න පුළුවන්, කියවලා ඉවර වුණාට පස්සෙත් හිතේ ලොකු බරක් ඉතුරු කරන Masterpiece එකක් වගේ manhwa එකක් හොයනවා නම්, "The Horizon" කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම කියවන්නම ඕන කතාවක්.
ඉතින් මේ වගේ Anime සහ Manga ගැන විස්තර දැනගන්න අපේ Page එකේ like කරලා follow කරලා එකතුවෙන්න අපි එක්ක.
Follow and Like
Anime SL | #AKSL #AnimeSL #ManhwaRecommendatio

Written by
Mazk Boy
I’m a Hero/Villain



