Jujutsu Kaisen season 1, Ninja Kamui, The God of High School වගේ anime අධ්යක්ෂණය කරපු director Sunghoo Park ගේ අළුත්ම anime එක තමයි මේ. මේ anime එකේ part 1(පළවෙනි episodes දැන් නිකුත් වෙලා තියෙන්නේ.Source- Bullet/BulletEpisodes- 12Studio- E & H production Genre- Action, Adventure, Sci-Fiමේ කතාව තියෙන්නේ ටිකක් අනාගතයේ.
මේ කාලය වෙනකොට ශිෂ්ටාචාර ඔක්කොම බිඳ වැටිලා. මුළු ලෝකේම wasteland එකක් වෙලා තියෙන්නේ. අතීතයේ හිටපු අය පාවිච්චි කරලා නටඹුන් වෙලා තියෙන දේවල් වලින් තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. මේකේ ප්රධාන චරිතය වෙන්නේ junk shop එකක වැඩ කරන Gear කියලා කොල්ලෙක්. මෙයාට තව සහයකයො දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් සුදු පාට වලහෙක්. මේ වලහා සූදු වලට ඇබ්බැහි වුන කෙනෙක්. අනික් කෙනා තමයි Qu-0213 කියන රොබෝ. මේ රොබෝට personalities 4ක් තියෙනවා. මේ set එක එකතු වෙලා "theft business" එකක් කරන් යනවා. කාගෙන් හරි අසාධාරණව හොරකම් කරපු දේවල් ආයෙත් අයිතිකාරයට ගෙනත් දෙනවා.
දවසක් මෙයාලට Noah කියලා කෙල්ලෙක්ගෙන් request එකක් ලැබෙනවා. එයාගේ තාත්තට අයිති දෙයක් හොරකම් කරලා තියෙන්නේ, ඒක ආයෙ ගෙනත් දෙන්න කියලා. මෙයාලා මේ වැඩේ බාරගන්නවා. හැබැයි ඊට පස්සේ වැඩේ වෙන්නේ මෙයාලා හිතන විදිහට නෙවෙයි. Assassins ලා ගොඩක් මේ කට්ටියව මරන්න පන්නනවා. මුළු ලෝකෙම වෙනස් කරන්න පුළුවන් රහසක් මෙයාලා හොරකම් කරලා තියෙනවා. මේ දේ මොකක් වෙන්න ඇතිද? හොඳ story එකක් තියෙන anime එකක්. පොඩ්ඩක්වත් boring නැතුව බලන්න පුළුවන්. ඒකට හේතුව unexpected twists ගොඩක් මේකේ ඉස්සරහට තියෙනවා. මේ characters එහෙමත් ගොඩක් හිතට වදින විදිහට නිර්මාණය කරලා තියෙනවා. Explosive battles, Car Chases, Heists වගේ දේවල් වලට කැමති අයට අනිවාරෙන්ම බලන්න කියලා recommend කරනවා. මේකේ part 2 ලබන මාසේ එනවා.
ඉතින් මේ වගේ Anime ගැන විස්තර දැනගන්න කැමති නම් අපේ page එකට like එකක් දාල follow කරලා එකතු වෙන්න.
Follow and Like
Anime SL #AnimeSL #AKSL #AnimeRecommendations

Written by
Mazk Boy
I’m a Hero/Villain


